පූරණය වෙමින්…
අපගේ අනුශාසක සහ ආරක්ෂකයාණෝ, ස්වර්ගීය සේනාවේ අධිපතියාණෝ.

ශු. මිඛායෙල් අග්රදූතයාණෝ, අපගේ දේවස්ථානයේ අනුශාසකයාණෝ
අපගේ අනුශාසක
ශුද්ධ මිඛායෙල් අග්රදූතයාණෙනි, සටනේදී අප ආරක්ෂා කළ මැනව. සාතන්ගේ දුෂ්ටකම්වලට සහ උගුල්වලට එරෙහිව අපගේ ආරක්ෂාව වනු මැනව. දෙවියන් වහන්සේ ඔහුට තරවටු කරන සේක්වා යි අපි නිහතමානීව යාච්ඤා කරමු. ස්වර්ගීය සේනාවල අධිපතියාණෙනි, දෙවියන් වහන්සේගේ බලයෙන්, ආත්මයන්ගේ විනාශය සොයමින් ලොව පුරා සැරිසරන සාතන් සහ සියලු අපවිත්ර ආත්මයන් නරකයට දමා පහරදුන මැනව. ආමෙන්.
ශු. මිඛායෙල් අග්රදූතයාණෝ ස්වර්ගීය සේනාවේ නායකයාණන් සහ දෙවියන්ගේ සෙනඟගේ ආරක්ෂකයාණෝ වෙති. අපගේ දේවස්ථානය උන්වහන්සේගේ නාමයෙන් නම් කර ඇත.
මංගල දිනය: සැප්තැම්බර් 29