
හෝමාගම ශුද්ධ වූ මිකායෙල් අග්‍රදූතයාණන්ගේ දේවස්ථානය මඟින් සංවිධානය කරනු ලබන මියගිය අපගේ ආදරණීය ඥාතීන් සිහිපත් කිරීමේ විශේෂ දිව්‍ය පූජාව නොවැම්බර් මස 28 වන දින සවස 5.00ට දික්හැතැම්ම, ලූර්දු මෑණියන්ගේ දේවස්ථානයේදී පැවැත්වීමට නියමිතය.
මෙහිදී මියගිය ඥාතීන්ගේ නම් ගරු පියතුමා විසින් දිව්‍ය පූජාව අතරතුර කියවා සිහිපත් කරමින් ඔවුන්ගේ ආත්මයන් උදෙසා විශේෂ යාච්ඤා සහ ආශිර්වාද සිදු කරනු ලැබේ.
මෙම විශේෂ දිව්‍ය පූජාව හෝමාගම ශුද්ධ වූ මිකායෙල් අග්‍රදූතයාණන්ගේ දේවස්ථානයේ නිල Facebook පිටුව ඔස්සේ සජීවීව විකාශය කෙරේ. එදිනට අප හා එක්වී යාච්ඤාවෙන් සහභාගී වන ලෙස ඔබ සැමට බැතිබරව ආරාධනා කරමු.
එසේම, හෝමාගම ශුද්ධ වූ මිකායෙල් අග්‍රදූතයාණන්ගේ දේවස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ආධාර කිරීමට කැමති සියලු දෙනාට තම පරිත්‍යාගයන් ලබා දෙන ලෙස කාරුණිකව ආරාධනා කරමු. ඔබගේ ආදරණීය මියගිය ඥාතීන් සිහිපත් කරමින් එම පරිත්‍යාගයන් කැප කිරීමට කැමති අය, ඔවුන්ගේ නම් ලැයිස්තුව ද ඒ සමඟ ලබා දෙන මෙන් ඉල්ලා සිටිමු.
ඔබගේ යාච්ඤාවන් සහ පරිත්‍යාගයන් අපගේ ආදරණීය මියගිය ඥාතීන් සිහිපත් කිරීම සඳහා ආශිර්වාදයක් වේවා!
